අවමන් සහගත පරාජයක්...

in hive-133716 •  4 days ago 

1000034559.jpg
source

ඉතින් ඊයේ දවසනම් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයින්ට එච්චර හොඳ දවසක් නෙවෙයි. බංගලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය වගේම එක් දින තරගාවලිය සාර්ථකව ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස තරගාවලියේදී කටුක පරාජයකට මුහුණ දීමට සිද්ධ වුණා.ටෙස්ට් එක්දින තරගාවලියන්හීදී හොඳ පන්දු යැවීමක්, පිතිකරණයක් වගේම පන්දු රැකීමක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් දැකගන්න ලැබුණත් විස්සයි විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් එය දැකගන්න ලැබුණේ නෑ.Over confidence එක එයට හේතුවක් වුණාද කියලා යම් විටෙක හිතෙනවා.කණ්ඩායම තේරීමේදීත් යම් යම් අඩුපාඩු විස්සයි විස්ස තරගාවලියේදී දැකගන්න ලැබුණා.ඉතින් මේ සියලු හේතූන් නිසා අවසානයේ ශ්‍රී ලංකාවට තවත් නින්දා සහගත පරාජයකට මුහුණ දීමට සිද්ධ වුණා.

විස්සයි විස්ස පළමු තරඟයෙන් පහසු ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට අවතීර්ණ වූයේ පෙර තරගාවලි දෙක වගේම මෙම තරගාවලියත් ජයගැනීමේ අරමුණින්.නමුත් දෙවන තරගයේ සිට නොසිතූ ලෙස තරගාවලියට අවතීර්ණ වූ බංගලාදේශ කණ්ඩායම සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම නතුකර ගැනීමට සමත් වුණා.දෙවන තරඟයේදී බංගලාදේශ කණ්ඩායමට එරෙහිව දැවැන්ත පරාජයකට මුරණ දීමට සිද්ධ වූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණාත්මක අවසන් තරඟයට ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට අවතීර්ණ වූයේ එම තරඟයේ ජයගෙන තරගාවලි ජයත් දෙවන තරගයේදී ලද නින්දාවෙන් බේරීමටයි.කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ව සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට බංගලාදේශ පන්දු යවන්නන් සමත් වුණා.ඒ අනුව පැතුම් නිස්සංක හැරුණු කොට මුල් පෙළ පිතිකරුවන් සියල්ලම අසාර්ථක වුණා.නමුත් හුදකලා ඉනිමක් අවසානයේ ක්‍රීඩා කළ දසුන් ශානක සම්පන්දුවාරයේදී දැවැන්ත හයේ පාරවල් සහ හතරේ පාරවල් සමග ශ්‍රී ලංකාව ලකුණු පුවරුව 130 සීමාව කරා ඉහලට ගෙන ඒමට සමත් වුනා.විස්සයි විස්ස තරග වලදී ශ්‍රී ලංකාවට කවදත් අවාසිදායක තනතුරුවක් වුණු ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරුව මෙවරත් වෙනස් වුණේ නැහැ.බංගලාදේශ පිතිකරුවන් පහසුවෙන් එම ඉලක්කය පන්දුවාර 16 පන්දු තුනක්දී හඹා යෑමට සමත් වුණේ ශ්‍රී ලංකා පන්දු රැකීමෙන් ලද සහයෝගයත් සමඟ‍යි.මේ අනුව තරගාවලියේ ජය බංගලාදේශ කණ්ඩායම සතු වුනා.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Feel so sad when thinking about how things were years ago.